වකුගඩු ගැටළුව සහ ලංකාව
වර්තමානයේ දිස්ත්‍රික්ක ගනනාවක ප්‍රධාන ගැටළුව බවට පත්ව ඇති වකුගඩු ප්‍රශ්නය. දැනට වාර්තාගත වන ආකාරයට දිවයිනේ සියළුම ප්‍රදේශ ආක්‍රමණය වී ඇති අතර විශාල මුදල් ප්‍රමාණයක් වැය වීමද සිදු වේ. ව්‍යාප්ත ප්‍රදේශ පැතිරී ඇති ප්‍රදේශ ප්‍රාමාණික වශයෙන් මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඉතා ඈත අතීතයේ සිට අප රට තුළ භාවිතා වූ වාරි කර්මාන්තයට නොගැළපෙන පරිදි රසායන ද්‍රව්‍ය ලංකාවේ කෘෂි කර්මාන්තයට හදුන්වා දීමය. ලංකාවේ වාරි කර්මාන්තයේ ආරම්භය වසභ රජ දවස දක්වා දිව යන අතර, එයින් සියවසක් දක්වා කාලය තුළ වාරි තාක්ෂණ දියුණුව ඉතා වේගවත් සහ ඉතාමත් ඉහළ මට්ටමකට ලගා විය. මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ, වාරි ජලය අවස්තා කීපයකදී නැවත නැවත භාවිතයයි. එනම් ප්‍රධාන වැවක ජලය, වග බිමක භාවිතයෙන් පසු පාත් ඇල (කුණු ඇල) හරහා ස්වභාවිකව පිරිසිදු වෙමින් ගොස් නැවත වැවකට එකතු වේ. මෙලෙස කීප වාරයක් වැසි ජලය භාවිතය අතීත ජල කළමණාකරණයේ මූලික ලක්ෂණය වේ. මෙහිදී එම කාළයේ සිදු වූ කාබනික වගා ක්‍රමයේදී කිසිදු හානියක් ස්වභාවික පරිසරයට හෝ මිනිසාට සිදු නොවීය. වැවකින් වැවකට ජලය එකතු වන අයුරු වැවක ප්...