වකුගඩු ගැටළුව සහ ලංකාව

වර්තමානයේ දිස්ත්‍රික්ක ගනනාවක ප්‍රධාන ගැටළුව බවට පත්ව ඇති වකුගඩු ප්‍රශ්නය. දැනට වාර්තාගත වන ආකාරයට දිවයිනේ සියළුම ප්‍රදේශ ආක්‍රමණය වී ඇති අතර විශාල මුදල් ප්‍රමාණයක් වැය වීමද සිදු වේ.




ව්‍යාප්ත ප්‍රදේශ





පැතිරී ඇති ප්‍රදේශ ප්‍රාමාණික වශයෙන්



මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඉතා ඈත අතීතයේ සිට අප රට තුළ භාවිතා වූ වාරි කර්මාන්තයට නොගැළපෙන පරිදි රසායන ද්‍රව්‍ය ලංකාවේ කෘෂි කර්මාන්තයට හදුන්වා දීමය.

ලංකාවේ වාරි කර්මාන්තයේ ආරම්භය වසභ රජ දවස දක්වා දිව යන අතර, එයින් සියවසක් දක්වා කාලය තුළ වාරි තාක්ෂණ දියුණුව ඉතා වේගවත් සහ ඉතාමත් ඉහළ මට්ටමකට ලගා විය. මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ, වාරි ජලය අවස්තා කීපයකදී නැවත නැවත භාවිතයයි. එනම් ප්‍රධාන වැවක ජලය, වග බිමක භාවිතයෙන් පසු පාත් ඇල (කුණු ඇල) හරහා ස්වභාවිකව පිරිසිදු වෙමින් ගොස් නැවත වැවකට එකතු වේ. මෙලෙස කීප වාරයක් වැසි ජලය භාවිතය අතීත ජල කළමණාකරණයේ මූලික ලක්ෂණය වේ. මෙහිදී එම කාළයේ සිදු වූ කාබනික වගා ක්‍රමයේදී කිසිදු හානියක් ස්වභාවික පරිසරයට හෝ මිනිසාට සිදු නොවීය.
වැවකින් වැවකට ජලය එකතු වන අයුරු




වැවක ප්‍රධාන ප්‍රදේශ සහ ජල සැපයුම ගමන් කරන ආකාරය


නමුත් එම කෘෂි රටාව වෙනස් කොට නිදහස් ආර්ථිකයෙන් අප රටට නොගැලපෙන (මෙම ක්‍රම අප රටට පමණක් නොව එම රට වලට ද නොගැලපෙන බව වර්තමානයේ දැකිය හැක) නව තාක්ෂණයක් හදුන්වා දින. එහිදී සිදු වූයේ කෘතිමව රසායන ද්‍රව්‍ය මගින් නිපදවූ පොහොර, කෘමිනාශක, වල්නාශක ගොවි මහතුන් අතට පත් කිරීම. මේවායේ ඇති විශේෂත්වය නම් රසායන ද්‍රව්‍ය කෙලින්ම පසට නිදහස් වීම, අවශයතාවයට වඩා වැඩි රසායනික, පාංශු ඛාදනය හා වර්ෂාව මගින් සේදී ඉවත් වීම, පසු කාලීනව ස්වභාවික පස තුළ ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තැන්පත් වීම සිදුවීමය. අවසානයට දක්වන ලද කරුණ වර්තමානය වන විට උද්ගත වී ඇත. මෙහිදී වී වගාවට යොද ගන්නා රසායනම නොව, මධ්‍යම කදුකරයේ ඇති තේ, රබර් සහ එළවළු වගා බිම් නිසා මේ තත්ව වර්ධනය වීම සිදු වේ. ප්‍රධාන ලෙසම ආනයනික රසායනික ද්‍රව්‍ය වල බැර ලෝහ(ඊයම්, කැඩ්මියම් ආසනික්, නිකල් වැනි) අඩංගු වන අතර, මෙම ලෝහ වර්ග වල විශේෂත්වය වන්නේ ආහාර දාම ඉදිරියට යාමේදී විෂ ප්‍රමාණයේ වර්ධනය, නොවෙනස්ව පරිසරය තුල දීර්ඝ කාලයක් පැවතීම, සත්ව හා ශාක සදහා විනාශකාරී බලපෑමක් කිරීම.

අප දැනටමත් ප්‍රමාද නොවන අතර, අනාගතය වෙනුවෙන් වෙනස් වීම කල හැකිනම්!!!

අප විසින් කල යුත්තේ පසෙහි ගුණාත්මක බව වැඩි කිරීම, කාබනික ද්‍රව්‍ය මගින්, සමෝච්ච රේඛා වැටි ක්‍රමයෙන් පාංශු ඛාදනය අඩු කිරීම හා ජල සංරක්ෂණය(Swales), රාජ්‍ය මැදිහත් වීමෙන් කෘෂි ක්‍රමය සංවර්ධනය කොට අප රටට ගැලපෙන රසායන ද්‍රව්‍ය හදුන්වා දීම, පාංශු සංරකෂණ හා කෘෂි කාර්මික නීති වර්ධනය, විදේශ රසායන ද්‍රව්‍ය ලංකාව තුලට හදුන්වා දීමට පෙර ඉතාමත් ආරක්ෂාකාරී ලෙස පරීක්ෂා කිරීම. ප්‍රාථමික ස්වභාදහම් ආරකෂණ ඒකක ලෙස ගෘහ ඒකක හදුන්වා දීම, ඒවායේ කාර්‍ය වර්ධනය, පාසල් ළමුන්ගේ දැනුම වර්ධනය, sustainable living විෂයක් ලෙස හදුනවා දීම. මහවැලි අධිකාරියේ කටයුතු වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කොට, පරිසර සංරක්ෂණයට නව කාර්‍යන් හදුන්වා දීම.




මුලිකවම අප ජනතාවගේ දැනුම වර්ධනය කල යුතුය. දැනට එක්රැස් වී ඇති රසායනික සෙමින් ඉවත් වන තෙක් නැවත එකතු වීම වැලැක්වීම, පසෙහි භූගත ජලය ඉහල දැමීම සදහා ශාක වැස්මෙහි ඝනත්වය වැඩි කිරීම. ඉදිකිරීම් තාකෂණඥයින් ගේ කාර්‍යයන් ස්වභාදහම ආරකෂා වන පරිදි සිදු කිරීම. නැවත වනවගාව(මෙය සමහර කාලවල කල ලෙස යුකැලිප්ටස්, ග්‍රාන්ඩිස් හෝ තේක්ක ලෙස නොව) හා පවත්නා වන වැස්ම ආරකෂණය.

අදහස
ප්‍රවිකගෙනි



Comments

Popular posts from this blog

දිය කැට පහණ (Diya Keta Pahana)

ඉදිකරන්නන් ගේ ඉදිකිරීම (Builder's Built)